වාර්තා කළමනාකරණය පිළිබඳ මාර්ගගත පුහුණු වැඩසටහන

ජාතික ලේඛනාගාරය අපහරණ රෙගුලාසි සකස් කිරීම සහ ලේඛන කාමරය පවත්වාගෙන යාම පිළිබඳ මාර්ගගත පුහුණු වැඩසටහන සඳහා සියලු ම පොදු අධිකාරී වෙත අවස්ථාව ලබා දීමට කටයුතු සුදා නම් කර ඇත.

මේ සදහා ඔබ සහභාගී විය යුත්තේ ඇය්?

තොරතුරු සහ සාක්ෂිවල අත්‍යවශ්‍ය මූලාශ්‍ර ලෙස, අධිලේඛන සහ වාර්තා පැවතීම මඟින් පොදු අධිකාරි වල ක්‍රියා, ප්‍රතිපත්ති සහ තීරණ වාර්තාගත කිරීම සිදු වේ. තථ්‍ය, විශ්වසනීය, පරිපූර්ණ සහ උපයෝගි කළ හැකි සාක්ෂි සැපයීම සඳහා පොදු අධිකාරි වල වාර්තා නිසි ලෙස කළමනා කරණය සිදුකළ යුතුවේ.

විධිමත්ව ලේඛන අපහරණය සිදු නොකිරීම හේතුවෙන් වාර්තා නිසි ලෙස කළමනා කරණය කරගත නොහැකි බැවින් තොරතුරු වෙත ප්‍රවිෂ්ට වීමේ ගැටළුවකට පොදු අධිකාරි මුහුණපාමින් සිටී. 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතියේ 16 වන වගන්තිය යටතේ, රාජ්‍ය ආයතන වල පොදු ලේඛන ආරක්ෂා කිරීම, වටිනාකමක් නොවැනි පොදු ලේඛන විනාශ කිරීම සහ ජාතික ලේඛනාගාරයේ ස්ථිර ලෙස අධිලේඛන සංරක්ෂණය සඳහා රෙගුලාසි සකස් කළ යුතු වේ. ඒ අනුව පොදු අධිකාරී වල ආවේණික වාර්තා සඳහා රැදවීමේ / අපහරණ රෙගුලාසි සකස් කිරීමද ඔබ ආයතනයේ ලේඛන කාමරය විධිමත්ව පවත්වා ගෙන යාම් ද පිළිබඳ උපදෙස් ලබා දීම මෙම පුහුණු වැඩසටහනෙහි මුලික අරමුණු වේ.

මාධ්‍ය - සිංහල

මාර්ගගත ක්‍රමයෙන් Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.

පුහුණු වැඩසටහන යටතේ ඔබ ආයතනයේ රාජ්‍ය නිලධාරීන්ට කණ්ඩායම් ලෙස පහත දක්වා ඇති පරිදි සහභාගි විය හැකිය.

දිනය: 2025.02.21

රැදවීමේ/අපහරණ රෙගුලාසි සකස් කිරීම (පෙ.ව 10.00 – 11.30)

ලේඛන කාමරය පවත්වාගෙන යාම (ප.ව 01.30 – 03.00)

දිනය: 2025.03.21

රැදවීමේ/අපහරණ රෙගුලාසි සකස් කිරීම (පෙ.ව 10.00 – 11.30)

ලේඛන කාමරය පවත්වාගෙන යාම (ප.ව 01.30 – 03.00)

දිනය: 2025.04.24

රැදවීමේ/අපහරණ රෙගුලාසි සකස් කිරීම (පෙ.ව 10.00 – 11.30)

ලේඛන කාමරය පවත්වාගෙන යාම (ප.ව 01.30 – 03.00)

සම්බන්ධ විය හැක්කේ කා හටද?

ආයතන ප්‍රධානි ඇතුළුව විධායක මට්ටමේ නිලධාරීන් සහ වාර්තා කළමනා කරණය සම්බන්ධයෙන් සෘජුව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්ට ද සහභාගි විය හැකි ය. අඛණ්ඩව සන්නිවේදනය තහවුරු කර ගත හැකි පරිදි අන්තර්ජාල පහසුකම් සහභාගි වන නිලධාරීන් හට ලබා දීමට කටයුතු සුදානම් කර ගත යුතුය.

සම්බන්ධ විය හැක්කේ කෙලසද?

මෙම වැඩසටහනෙහි සම්බන්ධීකරණ නිලධාරීන් වන, ජාතික ලේඛනාගාර සහකාර අධ්‍යක්ෂ දිලිනි ලියනගේ මිය (071-0882688) හෝ ජ්‍යෙෂ්ඨ ලේඛනාරක්ෂක (වැ.බ.) බිමල් අබේසේකර මහතා (077-9088150) අමතා අවශ්‍ය නම් තවදුරටත් විස්තර ලබා ගත හැකි වේ.

ජාතික අනන්‍යතාව, වගවීම සහ ස්මරණය සුරක්ෂා කිරීම උදෙසා පොදු වාර්තා ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබගේ සහාය බලාපොරොත්තු වෙමු.

මුල් පිටුව

ජාතික ලේඛනාරක්ෂක
දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව

යාවත්කාලීනය: 2024-12-02 10:02:20~ සේවාදායක වේලාව​: 2025-04-28 10:29:39